ඒකාබද්ධ ග්‍රාම නගර සහ දේශගුණික තත්ත්වයට ඔරොත්තුදීමේ ව්‍යාපෘතියෙන් තබුත්ත–ගම්පොළ මහවැව එල්ලංගා පද්ධතිය සඳහා සාමූහික ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීමේ දෙවන වැඩමුළුව සාර්ථකව ජූලි 24 දින පත්වනු ලැබිණි.
ඒකාබද්ධ ග්‍රාම නගර සහ දේශගුණික තත්ත්වයට ඔරොත්තුදීමේ ව්‍යාපෘතිය යටතේ තබුත්ත–ගම්පොළ මහවැව එල්ලංගා වාරි පද්ධතිය සඳහා සාමූහික ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීමේ දෙවන වැඩමුළුව පසුගියදා තබුත්ත ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සභා ශාලාවේදී සාර්ථකව පැවැත්විණි.
මෙම වැඩමුළුව සඳහා තබුත්ත–ගම්පොළ මහවැව එල්ලංගා පද්ධතියට අයත් ගොවි සංවිධාන දෙකකින් ගොවි මහතුන් 45 දෙනෙකු සහභාගී වූ අතර, එල්ලංගා පද්ධතියේ ජල කළමනාකරණය, වාරි යටිතල පහසුකම් සහ ගොවි ජනතාවගේ ප්‍රමුඛ අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා සාකච්ඡා පවත්වන ලදී.
වැඩමුළුවේදී තබුත්ත–ගම්පොළ මහවැව එල්ලංගා වාරි පද්ධතියට අයත් සුළු හා මධ්‍ය පරිමාණ වැව් 25ක් සිතියම්ගත කිරීම සිදු කළ අතර, එම වැව් අතරින් වැව් 11කට අදාළ ගැටලු ගොවි ජනතාවගේ සක්‍රීය සහභාගීත්වයෙන් සාමූහිකව හඳුනාගෙන වාර්තා කිරීමට හැකි විය.
එමෙන්ම ඉතිරි වැව් 14ට අදාළ ගැටලු ද ක්ෂේත්‍ර මට්ටමින් හඳුනාගෙන වාර්තා කර ඉදිරි වැඩමුළුව සඳහා ඉදිරිපත් කරන ලෙස ගොවි සංවිධාන වෙත උපදෙස් ලබා දෙන ලදී.
මෙම සාමූහික ක්‍රියාකාරී සැලසුම් ක්‍රියාවලිය මඟින් එල්ලංගා වාරි පද්ධතියේ ප්‍රමුඛ ගැටලු විද්‍යාත්මක හා සහභාගීත්වාත්මක ක්‍රමවේදයක් යටතේ හඳුනාගෙන, ඒ සඳහා ප්‍රායෝගික සහ තිරසාර විසඳුම් සකස් කිරීම අපේක්ෂා කෙරේ. එමඟින් වාරි පද්ධති කළමනාකරණය ශක්තිමත් කිරීම, ජල සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීම සහ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන කෘෂිකාර්මික නිෂ්පාදන පද්ධතියක් ගොඩනැගීමට වැදගත් දායකත්වයක් ලබාදීමට නියමිතය.
මෙම සාමූහික ක්‍රියාකාරී සැලසුම් (CAP) ක්‍රියාවලිය මඟින් එල්ලංගා වාරි පද්ධතියේ පවතින ගැටලු ගොවි ජනතාවගේ සෘජු සහභාගීත්වයෙන් හඳුනාගෙන, ඒවාට ප්‍රමුඛතා අනුව තිරසාර විසඳුම් සැලසුම් කිරීම සඳහා ශක්තිමත් පදනමක් සකස් කරයි. එමෙන්ම, එක් එක් වැවට පමණක් සීමා නොවී සමස්ත එල්ලංගා පද්ධතියම ඒකාබද්ධ ජල කළමනාකරණ ඒකකයක් ලෙස සලකා බැලීමේ ප්‍රවේශය ද මෙම වැඩසටහන තුළ ප්‍රවර්ධනය කෙරේ.
අවසානයේදී, මෙම ක්‍රියාවලිය මඟින් එල්ලංගා පද්ධතියට අයත් සියලු ගොවි සංවිධාන අතර සම්බන්ධීකරණය, සහයෝගීතාව සහ තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කරමින් එල්ලංගා පද්ධති කළමනාකරණ කමිටුව ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ආයතනික පදනම ගොඩනැගීමට දායක වේ. මෙම කමිටුව මඟින් ජල සම්පත් කළමනාකරණය, නඩත්තු කටයුතු සම්බන්ධීකරණය, සම්පත් සාධාරණ ලෙස බෙදාහැරීම සහ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන වාරි පද්ධති කළමනාකරණය සඳහා දිගුකාලීන නායකත්වයක් ලබාදීමට අපේක්ෂා කෙරේ. එබැවින්, මෙම වැඩමුළු මාලාව හුදෙක් ගැටලු හඳුනාගැනීමේ වැඩසටහනක් නොව, තිරසාර සහභාගීත්ව පදනම් වූ එල්ලංගා පාලන පද්ධතියක් ගොඩනැගීම සඳහා වැදගත් පියවරක් ලෙස සැලකේ.