දේශගුණික විපර්යාස හමුවේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ දේශගුණික තත්ත්ව වලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමේ අරමුණින්, ඒකාබද්ධ ග්‍රාම-නගර සංවර්ධන හා දේශගුණික තතත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය විසින් සංවිධානය කළ දේශගුණික සුහුරු කෘෂිකර්මාන්තය පිළිබඳ පුහුණුකරුවන් පුහුණු කිරීමේ ප්‍රථම නේවාසික වැඩසටහන 2026 ජූලි 30 සහ 31 යන දෙදින තුළ අනුරාධපුර තිරප්පනේ පිහිටි දේශගුණික සුහුරු කෘෂිකර්ම පිළිබඳ පුහුණු මධ්‍යස්ථානයේදී සාර්ථකව පැවැත්විණි. මෙම පුහුණු වැඩසටහන මඟින් පළාත් මට්ටමින් CSA දැනුම ව්‍යාප්ත කළ හැකි දක්ෂ පුහුණුකරුවන් පිරිසක් බිහිකිරීම අරමුණු කර ගන්නා ලදී.
අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ යාපනය යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් කෘෂිකර්ම උපදේශකවරුන් 21 දෙනෙකු මෙම පුහුණුව සඳහා සහභාගී වූ අතර, ඔවුන්ගේ නායකත්වය හා තාක්ෂණික හැකියාවන් වර්ධනය කරමින් දේශගුණික සුහුරු කෘෂිකර්මාන්තය ගොවි ප්‍රජාව වෙත ඵලදායී ලෙස රැගෙන යාමට අවශ්‍ය දැනුම සහ ප්‍රායෝගික කුසලතා ලබා දීමට මෙම වැැඩසටහන මඟින් අවස්ථාව සැලසුණි.
පුහුණු සම්පත්දායකයන් ලෙස ආචාර්ය ආර්.ඒ.සී.ජේ. පෙරේරා, ආචාර්ය ස්වර්ණ හේරත් සහ ආචාර්ය ලක්මාල් කළුආරච්චි දේශන පැවැත්වූහ. ආචාර්ය ස්වර්ණ හේරත් විසින් නිරවද්‍ය සුහුරු කෘෂිකර්මාන්තය, ඩ්‍රෝන තාක්ෂණය කෘෂිකර්මාන්තයේ භාවිතය සහ වල් පැළෑටි පාලනය හා කළමණාකරණය යන මාතෘකා යටතේ න්‍යායාත්මක දේශන සමඟ ප්‍රායෝගික අභ්‍යාසද මෙහෙයවන ලදී.
එමෙන්ම ආචාර්ය ආර්.ඒ.සී.ජේ. පෙරේරා විසින් දේශගුණික සුහුරු කෘෂිකර්මාන්තයේ මුලධර්ම, පස සංරක්ෂණය සහ ජල කළමනාකරණය පිළිබඳ විද්‍යාත්මක හා ක්ෂේත්‍ර අත්දැකීම් පදනම් කරගත් දේශන ඉදිරිපත් කළ අතර, ආචාර්ය ලක්මාල් කළුආරච්චි විසින් දේශගුණික සුහුරු කෘෂිකර්මාන්තයේ මූලික සංකල්ප, ව්‍යාපෘතියේ දැක්ම සහ එහි ක්‍රියාත්මක කිරීමේ ප්‍රවේශය පිළිබඳ හැඳින්වීමක් සිදු කළේය.
මෙම පුහුණු වැඩසටහන මඟින් පුහුණු කරන ලද පුහුණුකරුවන් ඉදිරි මාස කිහිපය තුළ ගොවි සංවිධාන සහ ගොවි ප්‍රජාව ඉලක්ක කර ගනිමින් දිස්ත්‍රික් මට්ටමේ දේශගුණික සුහුරු කෘෂිකර්මාන්ත පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට දායක කරගැනීමට නියමිත අතර, එමඟින් දේශගුණික විපර්යාස හමුවේ වෙනස්වන දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන තිරසාර, කෘෂිකාර්මික පද්ධතියක් ගොඩනැඟීම සඳහා වැදගත් දායකත්වයක් සැපයෙනු ඇත.